DIMUTHU DILSHAN
The Maths Class
අපේ පන්තිය ගැන
අපේ පන්තිය උසස් පෙළ සංයුක්ත ගණිතය (Combined Mathematics) විෂයය සරල, ක්රමවත් හා අවබෝධයෙන් ඉගැන්වීමට කැපවී ඇත. මූලික සංකල්පවල සිට විභාග මට්ටමේ ගැටලු විසඳීම දක්වා සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින්, නිරන්තර පුනරාවර්තනය, ප්රශ්න පත්ර පුහුණුව සහ විශේෂ මාර්ගෝපදේශනය තුළින් සිසුන්ගේ ඉහළ ප්රතිඵල ලබාගැනීමට සහය වෙමු. සෑම සිසුවෙකුටම සංයුක්ත ගණිතය පිළිබඳ විශ්වාසයක් ගොඩනඟා විභාගයට සාර්ථකව මුහුණ දීමට අපි කැපවී සිටිමු.
ඔබගේ ගුරුවරයා...
1 සිට 11 ශ්‍රේණිය දක්වා තුඩැල්ල ක්‍රිස්තුරාජ ජාතික පාසලේ අධ්‍යාපනය ලබන ඔහු 2012 වසරේ ශිෂ්‍යත්ව විභාගය සමත් වන අතර 2018 වසරේ සා.පෙළ විභාගයට මුහුණ දෙමින් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගනිමින් උසස් පෙළ විභාගය සඳහා කඳාන ද මැසිනෝද් විදුහලට ඇතුළත් වන්නේ තම සරසවි සිහිනය සැබෑ කරගැනීමේ අරමුණ ඇතිව ය. එහිදී සාර්ථකව අධ්‍යාපනය සිදු කරමින් 2021 වසරේ උසස් පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵල අත්කරගනිමින් මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පීඨයට ඇතුළත් වන ඔහු මේ වන විට තුන්වන වසරේ විද්‍යාර්ථයෙකි.
2022 උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් තම පළමු සිද්ධාන්ත පන්තිය ගිය වසරේ ආරම්භ කරන ඔහු මේ වන විට ඉතාම සාර්ථක වැඩපිළිවෙලක් සහිත ආකර්ෂණීය ඉගැන්වීම් රටාව ඔස්සේ සිසුන්ගේ ආදරය දිනා ගැනීමෙන් ජා ඇළ ප්‍රදේශයේ විශ්වාසනීයම උසස් පෙළ සංයුක්ත ගණිත පංතිය නිර්මාණය කරමින් සිටි.